//කොරෝනා සහා දේශපාලනය
gotabhaya rajapakshe vs corona

කොරෝනා සහා දේශපාලනය

2020.04.30 වැනි බ්‍රහස්පතින්දා. රාත්‍රී 10.50

වර්තමානය වන විට මුලු ලොවම බියට සහා  ආර්ථික ආගාධයකට තල්ලු කරමින් මිලියන 3කට ආසන්න පිරිසකට රෝගය ව්‍යාප්ත වෙමින්, ලක්ෂ 2.5කට ආසන්න පිරිසකට මරු කැද වමින් කොරෝනා වයිරසය මුලු ලොවම තම අණසක පතුරුවන්නට සමත් වී ඇත. ලංකාවේ තත්ත්වයද ඊට නොදැවැනි වෙමින් මේ වන විට රෝගය වැළදූ පිරිස 700කට ආසන්න පිරිසක් හදුනා ගෙන ඇත. 7 දෙනෙක් දැනට මරණයට පත් වී ඇත.

මේ වන විට රටේ ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය පනවා අති අතර තවත් ප්‍රදේශ වල ඇදිරි නීතිය ඉවත් කර ඇත. රාජ්‍ය සහා පෞද්ගලික අංශ ආයතන 50% ක් පමණ තම තමන්ගේ රාජකාරි කටයුතු ආරම්භ කර ඇති අතර තවමත් නිසි ලෙස යථා තත්ත්වයට පත් වී නැත.

මේ අතර මෙපමණ ව්‍යසනයකට රට මුහුණ දී තිබෙන වෙලාවක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරමින් යන බව අපට පෙනී යයි. රටේ මැතිවරණයක් පැවැත්වීමට හැකි පරිසරයක් මේ වන විටත් රටේ නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය. එසේ තිබියදී රජය මැතිවරණයකට සූදානම් වන්නේ ඇයි දැයි රටේ සාමාන්‍ය ජනතාව විමසා සිටී.

“කොරෝනා රෝගීන් 28ක් හින්දා රට වහන්න පුලුවන්ද? අපි යුද්දේ කාලේවත් රට වැහුවේ නෑ. එහෙම තියෙද්දී මේ කොරෝනා රෝගීන් 28ක් හින්දා අපි කොහොමද රට වහන්නේ” යැයි ජනාධිපතිවරයා පුරසාරම් දොඩවපු එකෙහි ප්‍රථිපලයයි අපි මේ දකින්නේ. එදා එසේ සියලුම ගුවන් තොටුපොළවල් වසා රට තුළට, පිට රටින් මිනිසුන් පැමිණීම වළක්වා තිබුණොත් අද අප රටට වී තිබෙන හානිය වළක්වා ගත හැකිව තිබුණී.

රජයේ ගොඩාක් මන්ත්‍රීවරුන්ට මැතිවරණය පැවැත්වීමට උවමනා වී තිබෙන්නේ මේ ව්‍යසනය කියා ජනතාවගෙන් චන්දය ලබා ගැනීමට හැකි වීමය.චන්දය තවත් මාස කිහිපයකට කල් දැමුවහොත් කොරෝනා ව්‍යසනය හරි හැටි පාලනය කිරිමට නොහැකි පිරිසකට කොහොමද රට පාලනය කරන්නේ යැයි කියා ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීමට වැඩි ඉඩ කඩක් ඇත. මෙය මෙම මන්ත්‍රීවරුන් හොදින්ම දන්නා කරුණකි.මේ නිසා ජනාධිපතිවරයාටත් මේ වෙලාවේ 2/3 බලය ගැනීමට ලොකු උවමනාවක් ඇත. මේ නිසා මේ අස්සේ චන්දය තිබීමෙන් විශාල පිරිසක් චන්දය පාවිච්චි කිරීමට යාමෙන් වැළකී සිටීමට ඉඩ ඇත. මේ හේතුවෙන් ඔවුන්ට අවශ්‍යය 2/3 බලය ලේසියෙන් ගත හැකිබව ඔවුන් සිතතී.

මෙම රජයට නිසි කළමණාකාරිත්වයක් නැතිබව නාවික හමුදාවේ භට පිරිස් වලට කොරෝනා වැළදීමෙන් අපට පෙනී යයි. මෙම භටයින්ව නිවාඩුවට යැවීමට පෙර නිසි පරික්ෂාවක් හා ඔවුන්ව නිසි ලෙස නිරෝදානය කර තිබුණෝතින් ඔවුන්ට මෙම රෝගය වැළදීමෙන් වළක්වා ගන්නට හැකියාව තිබුණී.

අපට පෙනෙන්නට තිබෙන තවත් දෙයක්නම් වයිද්‍යවරුන් කරන්නට අවශ්‍ය වැඩේ හමුදා නිළධාරීන් කිරීමයි. ජනාධිපතිවරයා සිතාගෙන ඇත්තේ, අපේ ඇහැට පේන සතුරා හා ඇහැට පේන්නේ නැති සතුරා(කොරෝනා වයිරසය ) එක සමාන බවය. එම නිසාවෙන් ජනාධිපතිවරයා සියලුම වැඩ කටයුතු හමුදාවට කළහැකි යැයි සිතාගෙන ඇත්තේ.

ජනාධිපතිවරයා සිහියට ගත යුතු කාරණාවක් ඇත. එය නම්, රාජ්‍ය සේවකයෙකු තම වැඩ කටයුතු කරන්නා මෙන් රටක් පාලණය කළ නොහැකි බවයි. එතුමා හිටපු රජ්‍ය නිළධාරීයෙක් බව අප හොදින්ම දන්නා කරුණකි. එම නිසා අපි ජනාධිපතිවරයාට කියා සිටින්නේ. රටේ ජනතාව දෙස බලා ඔවුන්ගේ ජීවිතය සුරක්ෂිත කරන තීන්දු තීරණ ගන්නා ලෙසය.